Gossips

ඉන්ධන මිල සූත්‍රය ගැන අනුර අගමැතිගෙන් ප්‍රශ්න කරයි

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ප්‍රශ්ණයක් යොමු කළා.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම අනුව මිල තීරණය සිදුකරන බවයි.
කෙසේ වෙතත් තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා පත් කළ කමිටුව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව පත්කළ එකක් බවද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
හානිපූරණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 16 කින් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 59 ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවුණේ ඡන්ද 43 ක් පමණයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එහිදී විපක්ෂව ඡන්දය භාවිත කළා.
මෙම පනත් කෙටුම්පත මගින් හානිපූරණය සඳහා යෝග්‍ය පීඩාවට පත් තැනැත්තන් හඳුනාගැනීම සඳහා සහ එම තැනැත්තන්ට හානිපූරණයන් ලබාදීමට විධිවිධාන සැලසෙනවා.