Gossips

ඉන්ධන මිල සූත්‍රය කැබිනට් අනුමැතියට

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල තීරණය කෙරෙන ‘මිල සූත්‍රය’, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමුකර තිබෙනවා.
මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති එහි ඉන්ධන මිල ගණන් සංශෝධනය විය යුතු ආකාරය පැහැදිළිව දක්වා ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද පසු මිල සූත්‍රය මේ මාසය තුළ ක්‍රියාත්මක කිරීමටයි මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හරින ඉන්ධනවල මිල ද අනිවාර්යයෙන්ම ඉහළ නැංවිය යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
එය සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, ලංකා අයි.ඕ.සී. සමාගම මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබෙනවා.