Gossips

ඉන්ධන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල සූත්‍රය ඉදිරි සති දෙක තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මිල සූත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි.
මීට පෙරද අමාත්‍ය මණ්ඩලය වෙත ඉන්ධන මිල සූත්‍රය ඉදිරිපත් වූ අතර, එය තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පසුවට කල් තැබුණා.