Gossips

ඉන්ධන මිල සංශෝධනය හෙටයි

ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් හෙට දිනයේදී මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක් සිදු කෙරෙන නමුත් අද ඉරිදා දිනයක් වන බැවින් මිල සංශෝධනය සිදු කෙරෙන්නේ හෙටයි.
ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉකුත් 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ දැමුණා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 6කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද ඉහළ දැමූ බවයි.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද, සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 8කින් ද ඉහළ ගියා.