Gossips

ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව මේ වනවිට රැස්වී තිබෙනවා.
ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සෑම මසකම 10 වනදායි ඔවුන් රැස්වන්නේ.
අදාල මිල සුත්‍රය හදුන්වා දිමෙන් පසු ඉන්ධන මිල දෙවරක් සංශෝධනය කර තිබෙනවා.
අවසන් වරට පසුගිය මාසයේදී පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 4කින් ද ඩිසල් ලිටරයක මිල රුපියල් 05කින්ද ඉහල දැමුණා.
ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වි ඇති මොහොතක අදත් ඉන්ධන මිල ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.