Gossips

ඉන්ධන මිල තීරණය කරන කමිටුව රැස්වෙයි

ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා.
සෑම මසකම 10 වන දා මෙම කමිටුව රැස්වන අතර එහිදී ඉන්ධන මිල යළි වැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරනු ඇති.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය වූයේ පසුගිය මස 10 වනදායි.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින්ද, සුපිරි ඞීසල් ලීටරයක් රුපියලකින් ද ඉහළ දැමුණා.