Gossips

ඉන්ධන මිල කමිටුව අද රැස්වෙයි

මිල සූත්‍රයට අනුව මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කරන කමිටුව අද යළි රැස්වීමට නියමිතයි.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනයේදී ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවයි.
පසුගිය මස ඉන්ධන මිල ඉහළ දමන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ අවුරුදු සමය තුළ ජනතාවට සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.