මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පස්වරු 3 ට මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සෑම මසකම 10 වනදා මිල කමිටුව රැස්වනවා.
මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 51.7 ක් ලෙසටයි.