Gossips

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සිම්බාබ්වේ විරෝධතා

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවල නිරත පුද්ගලයින්ව සිම්බාබ්වේ හමුදාව සිතා මතාම පීඩාවට ලක් කර ඇතැයි එරට ආණ්ඩුව පත් කළ මානව හිමිකම් කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.
විරෝධතා සතියකට වැඩි කාලයක් ක්‍රියාත්මක අතර, මේ වනවිට ඒවා ප්‍රචන්ඩකාරි ස්වරූපයක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විරෝධතා මැඩපැවැත්වීම සදහා හරාරේ අගනුවර ඇතුලු ප්‍රදේශ බොහෝමයකට යුද හමුදාව යොදවා තිබෙනවා.
හමුදාව සිදුකළ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 12 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර, 100 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.