තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් වූ බවට ජනාධිපතිවරයා මෙතෙක් තමන්ට නිල වශයෙන් දැනුවත් කර නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.
කතානායකවරයා පැවසුවේ ඕනැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.
මේ අතර රජය ඉන්ධන මිල ඉහළ දැමිමට ගත් තීරණයට අදත් පාර්ලිමේන්තුවේදී දැඩි විවේචන එල්ල වුණා.