Gossips

ඉන්ධන මිල අදත් වැඩි වෙයිද ?

මිල සූත්‍රයට අනුව මේ මාසයේ ඉන්ධන මිල සංශෝධනය අද (10) සිදුකිරීමට නියමිතයි.
ඊට අදළ කමිටු රැස්වීම අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනු ඇති.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීමට අනුකූලව ඉන්ධන මිල කමිටුව රැස්වී අදාළ සංශෝධනය සිදුකරනු ලබනවා.
මිල සූත්‍රය හඳුන්වා දීමෙන් පසු ඉන්ධන මිල දෙවරක් සංශෝධනය කරනු ලැබුවා.
අවසන් වරට ඉන්ධන මිල පසුගිය 10 වනදා සංශෝධනය වූ අතර එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4 කින් ද ඞීසල් ලීටරයක මිල 5 කින් ද ඉහළ දැමුවා.