Gossips

ඉන්ධන මිල අඩු වීමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද ?

අද (21) දිනයේදී සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක් රුපියල් පහකින් අඩු කෙරුණා.
මීට පෙර පසුගිය නොවැම්බර් මාසයේදී ඩීසල් ලීටරයක මිල අවස්ථා දෙකකදී රුපියල් හත සහ රුපියල් පහකින් අඩු කරනු ලැබුවා.
මෙලෙස ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව අවම බස් ගාස්තුව රුපියල් 10 දක්වා අඩු කළ යුතු බවට සහ සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මැදිහත් විය යුතු බවට ඉල්ලීමක් කරමින් සංදේශයක් භාරදීම අද (21) සිදුකෙරුණා.
ඒ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදියි.
සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය විසින් මෙම සංදේශය භාරදී තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කටයුතු කරන බවට සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයට දැනුම් දුන් බව එම සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත අප කළ විමසීමකදී පවසා සිටියා.