ඉදිරියේදීත් ඉන්ධන මිල අඩුකිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.
අද සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.
මේ අතර ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ද අද සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවා.
ඊට අමතරව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද වැඩ භාරගනු ලැබුවේ එම අමාත්‍යාංශයේදියි.
