Gossips

ඉන්ධන මිලේ වෙනසක් නෑ

ඉන්ධන මිල වෙනස් නොවන බවට මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
මිල සූත්‍රයට අනුව මසකට වරක් සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය කරන කමිටුව අද (10) රැස්වීමෙන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පසුගිය මස ඉන්ධන මිල ඉහළ දමන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ අවුරුදු සමය තුළ ජනතාවට සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.