මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතව තිබුණ ද එහි වෙනසක් සිදුනොවන බවට වාර්තා වනවා.
කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය ඊට කිසිදු හේතුවක් මෙතෙක් දක්වා නැහැ.
මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කළ යුතු වනවා.
කෙසේ වෙතත්, පෙරේදා දිනය නිවාඩු දිනයක් වූ බැවින් මිල සංශෝධනය ඊයේ සිදුකිරීමට නියමිතව තිබුණා.
පසුගිය පෙබරවාරි 11 වනදා අවසන් වරට සිදුවූ මිල සංශෝධනයට අනුව, ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුණා.