Gossips

ඉන්ධන මිලට එරෙහිව ප්‍රංශයේ විරෝධතා – 200 කට තුවාල

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ප්‍රංශයේ පැවති විරෝධතා හේතුවෙන් එක් අයෙකු මියගොස් තවත් 200 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවති මෙම විරෝධතාවට පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් සහභාගිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
කහ පැහැති ජැකට් පැළඳගත් විරෝධතාකරුවන් අධිවේගී සහ අනෙකුත් සියලූම මාර්ග අවහිර වන ලෙස තම මෝටර් රථ නවතා පා ගමනට එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.