Gossips

ඉන්ධන පිරවුම්හලකින් මුදල් සොරාගත් තිදෙනෙක් පොලිස් දැලේ

බෙලිඅත්ත – වලස්මුල්ල මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් බිඳ එහි තිබූ රුපියල් හය ලක්ෂ පනස්දහසක මුදලක් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් බෙලිඅත්ත, කම්බුස්සාව ප්‍රදේශයේදී ඊයේ (21) උදෑසන මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සහ 19 යන වයස් සීමාවල පසුවන්නන්.
සැකකරුවන් සන්තකයේ තිබී සොරාගත් මුදල් වලින් රුපියල් 25150ක මුදලක් සහ සොරාගත් මුදල් වලින් මිලදී ගත් රුපියල් තිස් පන්දහසක් වටිනා ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා අද (22) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.