ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී යතුරුපැදියක් ගිනි ගැනීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදියේ ටැංකියට ඉන්ධන පුරවා අවසානයේ පිටත්ව යාමට යතුරුපැදිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදීයි ගිනි ගැනීම සිදුවී ඇත්තේ.
යතුරුපැදියේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන් ඉන්ධනවලින් පිරී ඇති අතර ඉන් පිටතට පැමිණි ඉන්ධන හේතුවෙන් ගිනි ගැනීම සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මෙම අනතුර ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබූ CCTV කැමරාවක ද පටිගත වී තිබුනා.
