Gossips

ඉන්ධන ටැංකි රථ හිමියන් අද වර්ජනයකට යන ලකුණු

ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිකරන ලෙස තමන් කළ ඉල්ලීමට අද දිනයේදී සාර්ථක පිළිතුරක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළේ ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා සමඟ ඒ සම්බන්ධයෙන් අද දහවල් පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.