Gossips

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය ඇරඹේ

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය ස්ලිනෙක්ස්, ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ඊයේ ආරම්භ වුණා.
ඒ සඳහා කිර්ච්, සුමිත්‍ර සහ කෝරා – දිවා නැමැති ඉන්දියානු නාවික හමුදා යුද නෞකා තුන ත්‍රිකුණාමල වරායට ඊයේ සේන්දු වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
මෙවර ඒකාබද්ධ නාවික අභ්‍යාසය පැවැත්වෙන්නේ 6 වන වරටයි.
ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ සමුද්‍ර ආශ්‍රිත හෙලිකොප්ටර් යානයක් සහ ඩෝනියර් වර්ගයේ මුර සංචාර යානා දෙකක් ද එක්වුණා.
ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සයුරළ, සමුද්‍ර සහ සුරනිමල යන නෞකා තුන ඒකාබද්ධ යුද අභා්‍යසයට සහභාගි වනවා.
ඊයේ ආරම්භ වූ ඒකාබද්ධ නාවික අභ්‍යාසය ලබන සඳුදා දක්වා ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව පැවැත්වෙන අතර, 11 වන දා සිට 13 වන දා දක්වා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් බෙංගාලබොක්ක ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පැවැත්වෙනු ඇති.