Gossips

ඉන්දු – පාකිස්ථාන දේශ සීමාවේදී අවිනීත වූ හසන් අලී

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී මේ දිනවල විදෙස් මාධ්‍යවල දැඩි සේ කතා බහට ලක්වන චරිතයක් බවට පත්ව තිබෙනවා.
හසන් අලී පසුගිය දිනක පකිස්ථාන – ඉන්දීය දේශසීමාවේ වගා ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.
දේශසීමාවේ දී ඔහු විදහා පෑ අශෝබන වූ හැසිරීම් රටාව හේතුවෙනුයි ඔහු මාධ්‍යවල දැඩි ලෙස කතබහට ලක්ව ඇති චරිතයක් වී ඇත්තේ.
ඉන්දු – පකිස්ථාන දේශසීමාවේ දී දෙරටේම හේවා සොල්දාදුවන් දිනපතා ආචාර පෙළපාලියක් සෑම දිනකම උදෑසන සහ සවස සිදුකරනවා.
එවැනි අවස්ථාවක පාකිස්ථාන හේවා සොල්දාදුවන් ආචාර පෙළපාලියේ නිරතව සිටින අතරවාරයේ එම අවස්ථාවේ පැමිණ සිටි පිරිස අතර සිටි හසන් අලී ඒ මැදට කඩා පනිනවා.
අනතුරුව හසන් අලී දේශසීමාවේ දොරටුව සමීපයට ගොස් ඉන්දියානු සොල්දාදුවන් ඉදිරිපිටදී ඔවුන් අවමානයට ලක්වන ආකාරයට හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රිකට් පිටියේ කලහකාරී ක්‍රීඩකයෙක් ලෙස බොහෝ දෙනෙකු අතර අප්‍රසාදයට ලක්ව සිටින හසන් අලීගේ මෙම අවිනීත හැසිරීම පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් දේශසීමා සංචාරයට පකිස්ථාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම හසන් අලී සමඟ එක්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.
අලීගේ මෙම අවිනීත ක්‍රියාව හේතුවෙන් ඉන්දු, පකිස්ථාන සමාජ ජාල ක්‍රියාකාරීන් අතර උණුසුම් තත්වයක් ද හටගෙන ඇති බව සඳහන්.
අදාල සිදුවිම පහතින්.
rnrnrnrnrnrnrnrnrnrnrnrn