Gossips

ඉන්දු පාකිස්ථාන තරගය වෙනස් කරන්නැයි ඉල්ලීමක්

ලබන සැප්තැම්බර් 15 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්ථානය සමග පැවැත්වෙන තරගය වෙනත් දිනක යොදන ලෙසට ඉන්දියාවෙන් ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.
තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගය සැප්තැම්බර් 19 වනදාට යෙදී ඇති අතර, ඊට පෙර දිනද ඉන්දියාවට මූලික වටයේ තරගයක් යෙදී තිබීම පිළිබදවයි ඔවුන්ගේ අප්‍රසාදය පළ වී ඇත්තේ.
පාකිස්ථානයට එම තරගයට සහභාගි වීම සදහා දින දෙකක විරාමයක් පවතිනවා.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ එකම කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්ථානය තරග වදින අතර, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ‘‘බී’’ කාණ්ඩය යටතේ තරග වදිනවා.