Gossips

ඉන්දුනීසියා භූ කම්පනයෙන් 5ක් මරුට

ඉන්දුනීසියාවේ ඊයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් සුළු සුනාමි රළ පහරක් ඇති වී තිබෙනවා.
මීටර් 2ක් පමණ උසැති එම සුනාමි රළ සුලවේසි දිවයිනේ ‘පාළු’ නැමැති ප්‍රදේශය හරහා පැතිර ඇති අතර, පසුව එම අවදානම පහව ගිය බව වාර්තා වුණා.
කෙසේ නමුත්, භූ කම්පනයෙන් ඉස්ලාමීය දේවස්ථානයක් ඇතුළු ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.
පසුගිය අගෝස්තු මාසයේ ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින කේන්ද්‍ර කොටගෙන භූ කම්පන පෙළක් සිදුවූ අතර ඉන් පුද්ගලයන් 460 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.
rnrnrn