Gossips

ඉන්දුනීසියාව යලි සෙලවෙයි

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ යළිත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.2 ක අගයක් ගත් මෙම භූ කම්පනයේ බලපෑම අසවැසි බාලි දිවයිනට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තාවී නොමැති අතර, පසුගිය ඉරිදාද රික්ටර් මාපක 7 ක අගය ගත් භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සිදුවුණා.
මේ හේතුවෙන් පුද්ගලයින් 300 දෙනෙකු පමණ මියගියා.
භූ කම්පනයෙන් අතුරුදන්වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර මෙම භූ කම්පනයට සතියකට පෙර ද එහි තවත් කම්පනයක් ඇති වුණා.
ඉන් පුද්ගලයන් 16 දෙනෙකු මියගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.