Gossips

ඉන්දුනීසියාව මැතිවරණයකට සූදානම්

ඉන්දුනීසියානු මහ මැතිවරණය ලබන බදාදා පැවැත්වෙන අතර, එහිදී එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් එකම දිනකදී තෝරා පත් කරගැනීම ප්‍රථමවරට සිදු කෙරෙනවා.
මෙවර ඉන්දුනීසියානු මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වන්නේ චීනයේ නව සේද මාර්ගයට සම්බන්ධ ආයෝජන ව්‍යාපෘති ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද යන්නයි.
මෙම මැතිවරණයේදී හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ ප්‍රබෝවෝ සුබියන්ටෝ වත්මන් ජනාධිපති ජොකෝ විඩෝඩෝට අභියෝගයක් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි.