Gossips

ඉන්දුනීසියාව ඔලිම්පික් උළෙලක් ඉල්ලයි

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉසිලූ ඉන්දුනීසියාව 2032 වසරේ ඔලිම්පික් උළෙල ලබාගැනීම සඳහා අයදුම් කිරීමට සැරසෙනවා.
එරට ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මේ බව ප්‍රකාශ කළේ ඔලිම්පික් ප්‍රධානී තෝමස් බාක් සහ ආසියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානී ෂෙයික් අහමඩ් අල්ෆහාඩ් අල් සබා ඉදිරියේයි.
ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් ලද පන්නරය තුළින් වඩාත් විශාල ක්‍රීඩා තරග පැවැත්වීමට තම රට සමත්වනු ඇති බවයි ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් 45 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 17,244 ක් සහභාගිවූ අතර, දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන්ද 11,000 ක් පැමිණ තිබෙනවා.