Gossips

ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයිනේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සංචාරක ආකර්ශනයක් සහිත දිවයිනක් වන ලොම්බොක් හි රික්ටර් පරිමාණයේ 7ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවුණා.
භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති අතර, ඉන් සිදුවූ හානි පිළිබද මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, පසුගිය සතියේ ද ලොම්බොක් දිවයිනේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6.4ක අගයක් ගත් භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගියා.
කෙසේ වෙතත්, මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව අප කළ විමසීමකදී කියා සිටියේ.