Gossips

ඉන්දුනීසියාවේ රන් පතලක සිදුවූ අනතුරකින් 60 ක් සිරවෙයි

ඉන්දුනීසියාවේ නීතිවිරෝධි රන් පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 60 දෙනෙකු පමණ සිරවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සහන කණ්ඩායම් සිරවී සිටින පුද්ගලයින් බේරා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් දියත් කර ඇති බවයි.
සිරවී සිටින පුද්ගලයින්ගෙන් 13 දෙනෙකු පමණ බේරා ගෙන ඇති බව සඳහන්.
පතල පිහිටි භූමියේ අසමතුලිතභාවයක් හේතුවෙන් එය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.