Gossips

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 90 ඉක්මවයි

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ සිදුවූ ඒකක 7 ක ප්‍රබලැති භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ සිදුවූ භූ කම්පනයේ පසුකම්පන 130 ක් වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූ කම්පනය නිසා ලොම්බොක් දිවයිනේ සංචාරයක නිරතවූ සිංගප්පූරු නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් ද යළි පැමිණීමට නොහැකිව සිටින බව සඳහන්.