Gossips

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියානු ජාවා දිවයිනේ සංචාරක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
බටහිර ජාවා – සකභූමි සංචාරක නිකේතන ප්‍රදේශයේ දී ඊයේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ දේශීය සංචාරකයන් රැගත් බස් රථයක්.
පුද්ගලයන් 37 දෙනෙකු රැගත් බස් රථය කඳුකර ප්‍රදේශයක වේගයෙන් පල්ලමක් බසිමින් සිටියදී රියදුරට පාලනය කර ගත නොහැකිව ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇති බව සඳහන්.
ජාකර්තා නුවර සිට පැමිණි රැගත් බස් රථ හතරකින් සමන්විත දේශීය සංචාරකයන් කණ්ඩායමකට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.