ඉන්දුනීසියාවේ සුරබායා හි පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඉන් මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මෙතෙක් වාර්තාවී නැහැ.
ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වන සුරබායා හි ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ඊයේ බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවූ අතර, ඉන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ප්‍රහාරවල වගකීම අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් භාරගත් අතර, අද සිදුවූ පිපිරීමද අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් බවට සැක කරනවා.
