Gossips

ඉන්දුනීසියාවේ පාසලක් හදිසි ජල ගැල්මකට හසුවෙයි

ඉන්දුනීසියාවේ උතුරු දිග සුමාත්‍රා දිවයිනේ අධික වර්ෂාවත් සමග ඇති වූ හදිසි ගංවතුරකට හසුවීමෙන් පාසල් සිසුන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් සිසුවෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බවයි.
ඔවුන් පාසලේ රැදී සිටින අතරතුර ජල ගැල්මට හසුව ඇති අතර සිසුන් 29 දෙනෙකු එහිදී අනතුරට පත්ව තිබෙනවා.
සහන කණ්ඩායම් මේ වනවිට අතුරුදන්වු සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව සදහන්.