ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 6.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එහෙත් එය මුහුදු පත්ලේ කිලෝමීටර් 564ක් තරම් ගැඹුරෙන් සිදුවීම නිසා ප්‍රබල හානියක් සිදුව නැහැ.
මෙම භූ කම්පනය වාර්තා වී ඇත්තේ පුද්ගලයන් 460ක් මරුමුවට පත් කරමින් ඉන්දුනීසියානු ලොම්බොක් දිවයිනේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුවීමෙන් අනතුරුවයි.
මේ මස මුල දී සිදුවූ එම භූ කම්පන දෙකෙන් තවත් 7700 දෙනෙකු තුවාල ලැබූ අතර, හාර ලක්ෂ 17,000ක් අවතැන් වුණා.
