ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ නායයාම් වලින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් 8000 කට අධික පිරිසක් අවතැන්වී තිබෙනවා.
දිවයිනේ බටහිර කොටසේ සිදුවූ මෙම නායයාම් වලට නිවාස 8 ක් ද ගොදුරු වී ඇති බව සදහන්.
මෙම ප්රදේශයේ පසුගිය දින කිහිපය තුළ රික්ටර් පරිමාණයේ 5 යි දශම 1 ත්, 5 යි දශම 5 ත් අතර භූ කම්පන කිහිපයක් වාර්තා වී තිබුණා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී සුලවේසි දිවයිනේ සිදුවූ ප්රබල භූ කම්පන සහ සුනාමි රළ පහරින් පුද්ගලයින් 2000 ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා.