Gossips

ඉන්දුනීසියාවේ දේවස්ථානවල සිදුවූ පිපිරීම්වල වගකීම අයි.එස්. භාර ගනී

ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වූ සුරබායා හි ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට අද එල්ලවූ බෝම්බ ප්‍රහාරවල වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය අතර, තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2005 වසරෙන් පසු ඉන්දුනීසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ද මෙය වනවා.