Gossips

ඉන්දුනීසියාවේ දූපතක සිරවී සිටින සංචාරකයින් බේරාගැනීමට මෙහෙයුම්

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ සිදුවූ නායයෑමක් හේතුවෙන් සංචාරකයන් දෙදෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.
සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන මෙම දූපතේ සිදුවූ භූකම්පන 2 ක් හේතුවෙන් දිය ඇල්ලක් ආශ්‍රිතව මෙම නායයෑම සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
මේ වනවිට ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර, සිරවී සිටින පිරිසේ මලයාසියානු ජාතිකයින් 22 දෙනෙකු ද සිටින බව සඳහන්.