Gossips

ඉන්දුනීසියාවේ තවත් සුනාමියක අවදානමක්

අනක් – ක්‍රකටාවු ගිනිකන්ද යළි සක්‍රිය වීම නිසා ඉන්දුනිසියාවේ තවත් සුනාමියක් ඇතිවිමේ අවදානමක් පවතින බවට භූ විද්‍යාඥයන් අනතුරු අගවනවා.
පසුගිය සෙනසුරාදා ජාවා සහ සුමාත්‍රා දිවයින්හි වෙරළාසන්න ප්‍රදේශවල 281 දෙනෙකු මරුමුවට පත් කරමින් තවත් 1016 කට තුවාල සිදුකරමින් සුනාමි රළ පහරක් ඇතිවූයේ මෙම සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිිහිටි මෙම ගිනිකන්ද විදාරණයට ලක්වීමෙන් අනතුරුවයි.
එහිදී මුහුදු පත්ලේ ඇති වූ නායයාම් වලින් හට ගත් සුනාමිය වෙරළාසන්න ප්‍රදේශ වෙත ළගා වූයේ කිසිදු අනතුරු ඇගවීමකින් තොරවයි.
කෙසේ නමුත්, 2004 වසරේ මහා සුනාමි ඛේදවාචකයෙන් පසු ඉන්දිනීසියානු දිවයින් අතර ඇති වූ සුනාමි අනතුරු ඇගවීමේ බෝයා පද්ධතිය 2012 වසරේ සිට ක්‍රියාත්මක නොවන බව ද එරට ආපදා කළමනාකරණ අංශ අනාවරණ කළා.