පසුගියදා ඇති වූ සුනාමි තත්ත්වයෙන් පසු ඉන්දුනීසියාවේ අනක් – ක්‍රැකටෝවා ගිනි කන්ද තවදුරටත් විදාරණය වෙමින් පවතිනවා.
මේ හේතුවෙන් එම ගිනි කන්ද අවට කිලෝමීටර 5 ක් දක්වා දුර ප්‍රමාණයක ගුවන් ගමන් සීමා කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය සෙනසුරාදා අළුයම ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දිවයින් අතර ජාවා මුහුද සහ ඉන්දීය සාගරය සම්බන්ධ කරන සුන්දා සමුද්‍ර සන්ධියේ පිහිටි ගිනි කන්දේ රික්ටර් පරිමාණයේ 5.1 ක භූ කම්පනයක් සිදුවීම හේතුවෙන් සුනාමි තත්ත්වය හටගත්තා.
මේ නිසා මියගිය ගණන 430ක්.