Gossips

ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 400 දක්වා ඉහළට

මධ්‍යම ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ පාලූ නගරය සිසාරා පැතිරුණු සුනාමි රළ පහරින් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව නවතම වාර්තා සඳහන් කළා.
සිය ගණනක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි බලධාරීන් ප්‍රකාශ කළේ.
ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයෙන් පසු හටගත් අඩි 10 ක් තරම් උස වූ සුනාමි රළ පහර පාලූ නගරය තුළට කඩාවැදුනේ එහි මුස්ලිම් දේවස්ථානයක් ඇතු ගොඩනැගිලි රැසකට හානි සිදුකරමින්.
රෝහල්, හෝටල්, සාප්පු සංකීර්ණ සහ නිවාස දහස් ගණනකට සුනාමියෙන් හානි සිදුව තිබෙනවා.
විදුලිබලය ඇණහිටීම නිසා ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට බාධා පැමිණ ඇති අතර, නායයෑම්වලින් ප්‍රධාන මාර්ග අවහිර වී ඇති බව සඳහන්.