Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ඉන්දුනීසියාවේ සුන්දා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි අනක් – ක්‍රැකටෝවා ගිනි කන්දේ පිපිරීමෙන් හටගත් සුනාමිය නිසා මියගිය සංඛ්‍යාව මේ වන විට 222 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නවතම විදෙස් වාර්තා සඳහන් කළේ තවත් පුද්ගලයින් 843 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මීට අමතරව තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙනවා.
ඉන්දුනීසියාවේ දකුණු දිග සුමාත්‍රා වෙරළට සහ ජාවා දිවයිනේ බටහිර කෙළවරට සුනාමිය බලපා ඇති බව සඳහන්.
සංචාරකයන් අතර ප්‍රකට බටහිර ජාවා ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකටද ඉන් හානි සිදුව තිබෙනවා.