Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් දහසක් තවමත් අතුරුදන්

පසුගිය දා ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ පාලූ නගරය කේන්ද්‍ර කොටගෙන ඇති වූ සුනාමි රළ පහරින් සහ ඊට හේතු වූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1558ක් බව එරට රජය නිවේදනය කළා.
නිළ මරණ සංඛ්‍යාව එය වුවත්, සුනාමියෙන් පසු තවත් දහසකට අධික පිරිසක් අතුරුදන්ව සිටින බවයි එරට බලධාරීන් කියා සිටියේ.
විශේෂයෙන් පාලු නගරයේ කඩා වැටුණු ගොඩනැගිලි සහ ජලයට හසුවූ වාහනවල සිටි පුද්ගලයන්ගේ සිරුරු සියල්ල මෙතෙක් ඉවත් කරගෙන නැහැ.