Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 1200 ඉක්මවයි

ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක භූ කම්පනයෙන් සහ ඉන්පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් මිය ගිය ගණන 1200 ඉක්ම වන බව විදෙස් වාර්තා පවසනවා.
සුනාමි රළ හේතුවෙන් තවත් බොහෝ පිරිසක් අතුරුදන් වී ඇති බවට විශ්වාස කෙරෙනවා.
මේ අතර, භූ කම්පනයත් සමඟ කඩා වැටුණු දේවස්ථානයක සුන්බුන් අතර සිර වී සිටි කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු අද සොයා ගත්තා.