Gossips

ඉන්දුනීසියානු සුනාමියෙන් මිය ගිය ගණන 800 ඉක්මවයි

ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දුනීසියානු ආපදා අංශ ප්‍රකාශ කළේ මරණ සියල්ල වෙරළාසන්න පාලු නගරයෙන් වාර්තාවන බවයි.
එමෙන්ම සුන්බුන් අතර සිරවුණු මළ සිරුරු ඉවත් කරගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් සඳහන් කළා.
තුන්ලක්ෂ පනස් දහසක පමණ ජනගහණයක් වෙසෙන සුලවේසි දිවයිනට මීටර 06ක් පමණ උස්වූ සුනාමි රළ පහරට ගොදුරුවීමට සිදුවූයේ, රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයකින් අනතුරුවයි.