Gossips

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 82 ක් මරුට

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ ඊයේ (05) සිදුවූ රික්ටර් පරිමාණයේ 7 ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 82 කු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
භූ කම්පනයේ බලපෑම බාලි දූපතටද දැනී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
භූ කම්පනයත් සමඟ ලොම්බොක් දිවයිනේ දහස් ගණන් ගොඩනැගිලි කඩාවැටී ඇති අතර, විදුලිය සහ ජල සැපයුමද විසන්ධි වී තිබෙනවා.
මීට සතියකට පමණ පෙරද ලොම්බොක් දිවයිනේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගියා.