ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ සිදුවූ භූ කම්පනයත් සමඟ මාර්ග අවහිරවීම හේතුවෙන් සිර වී සිටි කඳු තරණය කරන්නන් 500 ක පිරිසක් බේරාගෙන තිබෙනවා.
ජනප්රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ රින්ජානි කඳු ප්රදේශය කඳු තරණය කරන්නන් අතර ප්රචලිත ස්ථානයක්.
පසුගිය ඉරිදා සිදු වූ රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පනයෙන් කඳුකර මාර්ග සියල්ල මේ වනවිට අවහිර වී ඇති අතර, තව දුරටත් එහි සිරවී සිටින පිරිස් ගලවාගැනීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම භූ කම්පනයෙන් 14 දෙනෙකු මියගොස් 160 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.