Gossips

ඉන්දුනීසියානු භූ කම්පනයේ ජීවිත හානි ඉහළට

පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 387 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් දෙලක්ෂයක් පමණ ජනතාව අවතැන්වී සිටින අතර, ඔවුන්ට පානීය ජලය, ආහාර සහ ඖෂධ ලබාදීම අභියෝගයක් බවයි ඉන්දුනීසියානු බලධාරින් ප්‍රකාශ කළේ.
රික්ටර් පරිමාණයේ 6 යි දශම 9 ක මෙම භූ කම්පනය යාබද බාලි දිවයිනට ද බලපෑමක් ඇති කළා.
භූ කම්පනයෙන් නිවාස දහස් ගණනක් විනාශ වූ අතර ඒවායේ සුන්බුන් අතර, තවත් සිරුරු තිබිය හැකි නිසා ජීවිතහානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සදහන්.