Gossips

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් ජීවිත හානි

ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ අද අලූයම සිදුවූ රික්ටර් පරිමාණයේ 6.4 ක භූ කම්පයෙන් අවම වශයෙන් පුද්ගලයන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ අංශ සඳහන් කළේ ගොඩනැගිලි රැසකට භූකම්පනයෙන් හානි සිදුව ඇති බවයි.
තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.
ඉන්දුනීසියානු වේලාවෙන් අද අලූයම 6.47 ට සිදුවූ භූ කම්පනයෙන් පසු තවත් අතුරු කම්පන රැසක්ම වාර්තාවී තිබෙනවා.