Gossips

ඉන්දුනිසියාව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියක් සවි කිරීමට සැරසේ

පසුගිය දා ප්‍රබල පිපිරීමකට ලක්වූ ක්‍රකටාවූ ගිනි කන්ද ආශ්‍රිතව සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියක් සවි කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් සැරසෙනවා.
එම ගිනි කන්දේ දිගුවක් වූ කුඩා ගිනි කන්දක් පිපිරීමෙන් පසුගිය දෙසැම්බරයේ සුනාමි රළ පහරක් ඇති වුණා.
එහිදී පුද්ගලයන් 400ක් පමණ මිය ගොස් 14,000කට පමණ තුවාල සිදුවූ අතර, සුන්ඩා සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවූයේ විශාල හානියක්.
ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ අංශ සුනාමි අනතුරු ඇගවීමේ පද්ධතියේ බෝයාවන් සුමාත්‍රා දිවයිනේ බටහිර වෙරළේ සහ ජාවා දිවයිනේ දකුණු දිග වෙරළේ හෙට සිට ස්ථාපිත කිරීමට නියමිතයි.