Gossips

ඉන්දුනිසියානු සුනාමියෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්දුනීසියානු ආපදා අංශ ප්‍රකාශ කළේ මරණ සියල්ල වෙරළාසන්න පාලූ නගරයෙන් වාර්තාවන බවයි.
එමෙන්ම සුන්බුන් අතර සිරවුණු මළ සිරුරු ඉවත් කරගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඔවුන් සඳහන් කළා.
තුන්ලක්ෂ පනස් දහසක පමණ ජනගහණයක් වෙසෙන සුලවේසි දිවයිනට මීටර 6 ක් පමණ උස්වූ සුනාමි රළ පහරට ගොදුරුවීමට සිදුවූයේ, රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයකින් අනතුරුවයි.
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සුනාමි රළ පහරට ගොදුරුවූ පාලූ නගරයේ අද නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතයි.