Gossips

ඉන්දීය 19න් පහළ පිළට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිළ සමඟ පැවති දෙවන යොවුන් ටෙස්ට් තරඟයෙන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 147ක ජයක් වාර්තා කළා.
හම්බන්තොට – සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති මෙම ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් පිළ කඩුලූ 8ක් දැවී ලකුණු 613ක් රැස් කළා.
එහිදී පවාන් ෂා, ලකුණු 282ක් ද, අතර්වා ටයිඩේ ලකුණු 177ක් ද රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිළ මුල් ඉනිම සඳහා ලකුණු 316ක් රැස් කළ අතර, එහිදී පසිදු සූරියබණ්ඩාර ලකුණු 115ක් ලබා ගත්තා.
කෙසේ නමුත් දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා යොවුන් පිළට සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150ක් පමණයි.
කණ්ඩායම් දෙක අතර කොළඹ දී පැවති පළමු යොවුන් ටෙස්ට් තරඟයෙන් ඉන්දීය පිළ ඉනිමක සහ ලකුණු 21ක් ජයක් වාර්තා කළා.